සත්වයන්ගේ නොයෙක් වෙනස්කම් දක්නට ලැබේ. උස් පහත්කම් දක්වා ඇත. වර්ණවත් වූ සත්වයෝද, දුර්වර්ණ වූ සත්වයෝද ඇත. සුගතියේ උපදින සත්වයෝද, දුගතියේ උපදින සත්වයෝද ඇත. දුප්පත් සත්ත්වයෝද, පෝසත් සත්වයෝද ඇත. මෙසේ සත්ත්වයන්ගේ නොයෙක් වෙනස්කම් සිදුවන්නේ කර්මය නිසාය.
"කම්මං සත්ත විභජති යදිදං හීනප්පනීතතාය"
යනුවෙන් මජ්ඣිම නිකායේ සුභ සූත්‍රයෙහිදී දේශනා කළේ එයයි. "කර්මය විසින් සත්වයන් හීන, ප්‍රණීත වශයෙන් බෙදනු ලැබේ" යනු එහි තේරුමයි. මේ ආකාරයෙන් කර්මය ඉපදීමට ප්‍රත්‍ය හෙවත් හේතු වන බව දත යුතුයි.
ඉපදීම නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස ආදී සියලු දුක් හටගනිති.