ඒ ඒ සත්ත්වයන්ගේ සත්ව නිකායයන්හි යම් හටගැනීමක් වේද, පරිපූර්ණ හටගැනීමක් වේද, මව්කුසට බැස ගැනීමක් වේද, ඉපදීමක් වේද, විශේෂයෙන් ඉපදීමක් වේද, ස්කන්ධයන්ගේ පහළවීමක් වේද, ආයතනයන්ගේ ලැබීමක් වේද, එය ඉපදීම යැයි කියනු ලැබේ.
"භව පච්චයා ජාති" - භවය නිසා ඉපදීම සිදුවන බව දක්වා තිබේ. එහිදී ඉපදීමට හේතු වන්නේ කර්ම භවයයි; උප්පත්ති භවය නොවේ (විසුද්ධිමාර්ගය).