පොත් ලැයිස්තුව

භාවනා වාක්‍ය:

star_outline

​සංසාර දුකෙහි කෙළවර වන බැවින් පාර නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.

​දැකීමට දුෂ්කර බැවින් සුදුද්දස නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.

​නොදිරන බැවින් අජර නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.

​ස්ථීර සැපයක් වන බැවින් ධුව නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.

​තණ්හා ප්‍රපංචයන්ගෙන් තොර වූ බැවින් නිප්පපඤ්ච නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.

​මරණ බය නැති බැවින් අමත නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.

​කෙලෙස් නැති බැවින් සිව නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.

​කාමාදී උවදුරු නැති බැවින් ඛේම නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.

​ආශ්චර්යය බැවින් ද, අද්භූත බැවින් ද අබ්භූත නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.

​ඊති සංඛ්‍යාත අනර්ථ නැති බැවින් අනීතික නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.

​දුක් නැති බැවින් අබ්‍යාපජ්ඣ නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.

​අතිශයින් පිරිසිදු වූ බැවින් විසුද්ධි නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.

​කාමාදී සතර ඕඝයෙන්ම යට නොවන ලද බැවින් දීප නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.

​සසර දුකින් ආරක්ෂා කරන බැවින් තාණ නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.