හේතු ප්‍රත්‍යයන්ගෙන් හට නොගත් බැවින් අසංඛත නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
රාගයේ අභාවය බැවින් විරාගය නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
මාන මදය දුරුකරන මදනිම්මදනය නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
පුරුෂ මදය විනාශ වන බැවින් මදනිම්මදනය නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
ජාති මදය විනාශ වන බැවින් මදනිම්මදනය නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
යෞවන මදය විනාශ වන බැවින් මදනිම්මදනය නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
ආරෝග්‍ය මදය විනාශ වන බැවින් මදනිම්මදනය නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
ජීවිත මදය විනාශ වන බැවින් මදනිම්මදනය නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
කාම පිපාසය ගෙවා දමන බැවින් පිපාසවිනය නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
භාවනා වාක්‍ය:
පංචකාම ආලය විනාශයට පත්වන බැවින් ආලයසමුග්ඝාත නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
ත්‍රිවිධ සංසාර චක්‍රය සිඳීමට පත්වන බැවින් වට්ටූපච්ඡේදක නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
තණ්හාව ක්ෂය වන බැවින් තණ්හක්ඛය නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
ද්වේෂය ක්ෂය වන බැවින් දෝසක්ඛය නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
මෝහය ක්ෂය වන බැවින් මෝහක්ඛය නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
තණ්හාව කෙරෙහි නොඇලෙන බැවින් විරාගය නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
තණ්හාව නිරුද්ධ වන බැවින් නිරෝධය නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
ලොව ඇති පරම සත්‍ය වන බැවින්, වෙනස් නොවන බැවින් සච්ච නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
භාවනා වාක්‍ය:
සංසාර දුකෙහි කෙළවර වන බැවින් පාර නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
දැකීමට දුෂ්කර බැවින් සුදුද්දස නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
නොදිරන බැවින් අජර නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
ස්ථීර සැපයක් වන බැවින් ධුව නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
තණ්හා ප්‍රපංචයන්ගෙන් තොර වූ බැවින් නිප්පපඤ්ච නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
මරණ බය නැති බැවින් අමත නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
කෙලෙස් නැති බැවින් සිව නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
කාමාදී උවදුරු නැති බැවින් ඛේම නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
ආශ්චර්යය බැවින් ද, අද්භූත බැවින් ද අබ්භූත නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
ඊති සංඛ්‍යාත අනර්ථ නැති බැවින් අනීතික නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
දුක් නැති බැවින් අබ්‍යාපජ්ඣ නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
අතිශයින් පිරිසිදු වූ බැවින් විසුද්ධි නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
කාමාදී සතර ඕඝයෙන්ම යට නොවන ලද බැවින් දීප නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.
සසර දුකින් ආරක්ෂා කරන බැවින් තාණ නම් වූ නිර්වාණය සාන්තය, ප්‍රණීතය.