මේ ලෝකයෙහි සමහර අය නිකරුනේ කෝපයට පත්වෙයි. ඇතැම් කෙනෙක් අධික වැස්ස පවතින විට අධික ලෙස කිපීමට පත්වෙති; නොවසින විට "අද වහින්නේ නැතැයි" කිපීමට පත්වෙති. සූර්ය රස්නය අධික වූ විට "සූර්යයා අද පුච්චනු ලබයි, තවනු ලබයි" යනාදී අධික රස්නයේ ආදී වශයෙන් කිපීමට පත්වෙති. සුළඟ හමන විටත් කිපති; සුළඟ හමන්නේ නැති විටත් කිපෙති. ඇමදීමට නොහැකි වන පරිදි බෝපත් බහුලව තිබෙන විටත් කිපෙති. සිවුරු පොරවා ගත නොහැකි වුවහොත් එයට කිපෙති. පාදය (කකුල) ගලක හෝ කණුවක හෝ හැපුණහොත් ඒ සඳහාද කිපෙති. එබැවින් අස්ථානයෙහිද කෝපය උපදින්නේ යැයි තථාගතයන් වහන්සේ වදාළ සේක.
ව්‍යාපාද නීවරණය දුරු කර ගන්නා ආකාරය ආඝාතපටිවිනය සූත්‍රයෙන් දත යුතුය. එසේම සතිපට්ඨාන සූත්‍රයෙහි නීවරණ පිළිබඳ ව ධම්මානුපස්සනාවෙහි අන්තර්ගතය. එයින්ද ව්‍යාපාද ප්‍රහාණය පිළිබඳ ඉගෙන ගත යුතුය. මෛත්‍රී භාවනා අරමුණෙහි යෝනිසෝ මනසිකාරය බහුල කිරීමෙන් උපන්නාවූ ව්‍යාපාදය ප්‍රහීන වෙයි; නූපන්නාවූ ව්‍යාපාද නූපදිති.