සුදුසු කාලයෙහි ධර්ම සාකච්ඡා කිරීම මංගලයකි. උදෑසන කාලයේදී හෝ සවස් කාලයේදී සූත්‍රපිටකය දැන උගත් භික්ෂූහු සූත්‍ර පිටකය පිළිබඳව සාකච්ඡා කරති. විනය පිටකය ඉගෙන ගත් භික්ෂූන් වහන්සේලා විනය පිළිබඳව සාකච්ඡා කරති. අභිධර්මය ඉගෙන ගත් භික්ෂූන් වහන්සේලා අභිධර්මය සාකච්ඡා කරති. ජාතක පාලිය ඉගෙන ගත් භික්ෂූන් වහන්සේලා ජාතක කතා පිළිබඳව සාකච්ඡා කරති. අටුවා ඉගෙන ගත් භික්ෂූන් වහන්සේලා අටුවා පිළිබඳව සාකච්ඡා කරති.
මෙසේ සාකච්ඡා කරන විට තමා තුළ ඇති වන්නා වූ අලස බව, සිතේ විසිරීම, විචිකිච්ඡාව ආදිය දුරු වී සිත පිරිසිදු වන්නේය. එබැවින් සුදුසු කාලයෙහි ධර්ම සාකච්ඡා කිරීම උතුම් මංගල කාරණාවක් යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.