පොත් ලැයිස්තුව

සන්තුට්ඨී ගුණය (ලද දෙයින් සතුටු වීම)

star_outline

​ජීවත්වීම සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය වන ප්‍රධාන කාරණා හතරකි. ඒවා නම් ඇඳුම් පැළඳුම්, ආහාරපාන, නිවාස හා ගෘහ උපකරණ සහ බෙහෙත් හේත් ය. තමාට දැනට පවතින ඇඳුම් පැළඳුම් ආදියෙන් සතුටට පත්වීම "සන්තුට්ඨි ගුණය"යි. එම ගුණය ඇති තැනැත්තා තමාගේ ඇඳුම වටිනා එකක් වුවත්, නොවටිනා එකක් වුවත් ඒ පිළිබඳව කම්පනයකට පත් නොවේ.

​එසේම, තමාට ලැබී ඇති ආහාර පානයෙන් සතුටට පත්වීමත්, "වෙනත් උසස් වූ, ප්‍රණීත වූ ආහාරපාන තිබුණා නම් යහපතැයි" යනුවෙන් නොසිතා ලද දෙයින් සතුටු වීමත් මෙම ගුණයට අයත් වේ. තමා සතුව පවතින නිවස තුළින් ද, ගෘහ උපකරණ තුළින් ද සතුටට පත්වීම සන්තුට්ඨි ගුණයයි. තමාට හැකියාව ඇති ආකාරයට බෙහෙත් හේත් ලබාගෙන එයින් සතුටු වීම ද සන්තුට්ඨි ගුණය ලෙස හැඳින්වේ.