පොත් ලැයිස්තුව

නිවාතෝ ච (නිවාත ගුණය)

star_outline

​නීචමනතා: යටහත් මනසක් ඇති බව.

​නීචවුත්තිතා: යටහත් පැවතුම් ඇති බව.

​නිවාත වුත්තිතා:

යම් ගුණයන්ගෙන් යුතු පුද්ගලයෙක් මානය දුරු කොට වාසය කරයි නම්, නිහතමානීව වාසය කරයි නම්, පාපිස්සක් මෙන් අනතිමානී වේද (කිසිවෙකුට පහරක් නොගසන), බිඳී ගිය අඟ ඇති ගවයකු මෙන් අනතිමානී වේද, විස දළ ඉවත් කරන ලද සර්පයෙකු සේ අනතිමානී වේද, මෘදු ගුණයන්ගෙන් යුක්ත වේද, මෘදු මොළොක් වචන කතා කරයිද, සුවදායක වචන කතා කරයිද, ඔහු "නිවාත" නම් වෙයි.

​ඒ උතුම් නිවාත ගුණය ලාභ, කීර්ති, ප්‍රශංසා ආදී අප්‍රමාණ ආනිශංස ගෙන දීමට සමර්ථය. එබැවින් මෙය උතුම් මංගල කාරණාවකි.