බුදුරජාණන් වහන්සේ දිනක් මහානාම නම් වූ ශාක්‍ය රජතුමාට ඥාති සංග්‍රහය කළ යුතු ආකාරය ඉතා හොඳින් පහදා දුන්හ. යම් කිසි ඥාතියෙකු, මිත්‍රයෙකු හෝ හිතවතෙකු තමා පවසන වචන පිළිගන්නේ නම්, අදහන්නේ නම් සහ විශ්වාස කරන්නේ නම්, ඒ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම ඇති පිරිසක් බවට පත් කළ යුතුය. ධර්මරත්නය කෙරෙහි අචල ප්‍රසාදය ඇති පිරිසක් බවට පත් කළ යුතුය. සංඝරත්නය කෙරෙහි අචල ප්‍රසාදය ඇති පිරිසක් බවට පත් කළ යුතුය. ඔවුන් ආර්යකාන්ත සීලය තුළ පිහිටුවිය යුතුය.
මෙයින් ඉතා මනාව පෙන්වා දී ඇත්තේ ඥාතීන්ට සංග්‍රහ කිරීමේදී ආහාරපාන, බෙහෙත් ඖෂධ ආදිය ලබාදීම වගේම, බුද්ධාදී රත්නත්‍රය කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවීමත්, ආර්යකාන්ත සීල සම්පත්තිය තුළ සිත පිහිටුවීමත් ඉතා අග්‍ර වූ ඥාති සංග්‍රහයක් බවයි.
...සෝතාපත්ති සංයුත්තය....