පොත් ලැයිස්තුව

මවුපිය උපස්ථානයේ ආනිසංස

star_outline

​තස්මා හි නං නමස්සෙය්‍ය සක්ක‍රෙය්‍යාථ පණ්ඩිතෝ

අන්නේන අථපානෙන වත්ථේන සයනේන ච.

​එබැවින් බුද්ධිමත් දරුවෝ මවුපියන්ට උදේ හවස වන්දනා කරති. නිතිපතා සත්කාර කරති.

​අන්නේන: ආහාර ලබා දෙති.

​පානේන: පාන වර්ග ලබා දෙති.

​වත්ථේන: වස්ත්‍ර ලබා දෙති.

​සයනේන ච: පහසුවෙන් නිදා ගැනීමට ඇඳක් සකසා දෙති.

​උච්ඡාදනේන: සම්බාහනය කරති.

​නහාපනේන: මවුපියන් නාවති.

​පාදානං දෝවනේන ච: මවුපියන්ගේ පා සෝදති.

​තාය නං පාරිචරියාය මාතාපිතූසු පණ්ඩිතා

ඉධේවනං පසංසන්ති පෙච්ච සග්ගේ පමෝදති.

​මෙසේ බුද්ධිමත් දරුවෝ මවුපියන්ට උපස්ථාන කරති. ඒ හේතුවෙන් මෙලොව ප්‍රශංසා ලබති. පරලොව ස්වර්ගයෙහි සතුටු වෙති.