පොත් ලැයිස්තුව

මවුපියන්ගේ මුදිතාව.

star_outline

​අනුන්ගේ සැපයට ඉරිසියා නොකරන ස්වභාවය මුදිතාවයි. මවුපියෝ දරුවන්ගේ සැපය කැමති වෙති. දරුවන්ගේ දියුණුවට, යහපතට, දක්ෂතාවයට ඉරිසියා නොකරති. කුඩා කාලයේ පටන්ම දරුවා ඇවිදින විට ද, කතාබහ කරන විට ද, නොයෙක් දක්ෂතාවයන් දක්වන විට ද වැඩිපුරම සතුටු වූවෝ මවුපියෝය. එය මවුපියන්ගේ මුදිතා ගුණයයි.

​මවුපියන්ගේ උපේක්ෂා ගුණය.

​අවශ්‍ය අවස්ථාවලදී මධ්‍යස්ථව කටයුතු කිරීමට මවුපියෝ දනිති. මධ්‍යස්ථව දරුවන්ගේ ප්‍රශ්න දෙස බලති, පිළිතුරු සොයති, විසඳති. දරුවන් විවාහ ජීවිතයට පත් වූ පසු දරුවන් කෙරෙහි මැදහත්ව ඔවුන්ගේ කටයුතු ඔවුන්ටම කර ගැනීමට ඉඩකඩ සලසා දෙති. ඒ මවුපියන්ගේ උපේක්ෂා ගුණයයි. මෙම උදාර වූ සිව් බඹ විහරණයන්ගෙන් යුක්ත වන බැවින් මවුපියෝ මහා බ්‍රහ්මයෝ වැනිය.