පණ්ඩිතයන් ඇසුරු කිරීම උතුම් මංගල කාරණාවකි. පණ්ඩිතයන් යනු සත්ත්ව ඝාතනයෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාම මිථ්‍යාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම, අන් සතු වස්තුවට ආසා කිරීමෙන් වැළකීම, මෛත්‍රී සහගත වීම සහ සම්මා දිට්ඨියෙන් යුක්ත වීම යන දස කුසල් කර්ම පථයන්ගෙන් සමන්වාගත වූ සත්ත්වයෝ වෙති.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන පරිදි, පණ්ඩිතයන්ගේ ලක්ෂණ සහ චරිතාපදාන තුනකින් හඳුනාගත හැකිය:
"මහණෙනි, පණ්ඩිතයන්ගේ පණ්ඩිත ලක්ෂණ තුනකි. පණ්ඩිත චරිතාපදාන තුනකි. පණ්ඩිතයෝ:
යහපත් දෙයම කරති.
යහපත් දෙයම කියති.
යහපත් දෙයම සිතති.[1]