අතීතයේ දීඝ විදස්ස නම් මිනිසෙකු ජීවත් විය. ඔහුගේ සහෝදරයෙකු දැඩි සේ මිථ්‍යාදෘෂ්ටි ගෙන, එම මිථ්‍යාදෘෂ්ටි ප්‍රචාරය කරමින් අන් අයට මිථ්‍යාදෘෂ්ටි දේශනා කළේය. එම මිථ්‍යාදෘෂ්ටි අනුගමනය කරන ලද පවුල් පන්සියයක මිනිසුන් අපාගාමී විය. මිථ්‍යාදෘෂ්ටි දේශනා කරන ලද තැනැත්තාද, යොදුන් හැටක් පමණ දිග ශරීරයක් ඇතුව නිරයේ ඉපදී, උඩුගුරුව සයනය කරමින් බුදුවරු හතර නමක් ලොව පහළ වී පිරිනිවන් පානා තෙක් අපා දුක් විඳින ලදී. ඒ ආකාරයෙන්ම, බාලයා නිසා බොහෝ දෙනෙක් අපාගාමී වන බවද, අපව අයහපතෙහි යොදවන බාලයෝද අපාගාමී වන බවද දත යුතුය.
කුණු මාළු කෑල්ලක් කොළයක එතූ විට මාළු කෑල්ල ද දුගඳ හමයි, ඔතන ලද කොළය ද දුගඳ බවට පත්වෙයි. එසේම බාලයා ද ස්වභාවයෙන්ම පව්කාරය. ඔහු ඇසුරු කරන්නා ද පාපයට, අකුසලයට ලැජ්ජා නොවන අසත්පුරුෂයෝ බවට පත් වෙති. ඔවුහු පාප කර්මයන්හි ඇලී ගැලී වාසය කරති; මෙලොව යහපත ද වනසා ගනිති, පරලොව අපාගාමී වෙති
තණකොළවලින් සාදන ලද නිවසක් ගින්නකින් වහා දවා අළුකරයි. එසේම මේ ලෝකයෙහි සියලු බිය උපදින්නේ බාලයා නිසාය. සියලු උපද්‍රව උපදින්නේ බාලයා නිසාය. එබැවින් බාලයා බිය සහි
ත කෙනෙකි, උපද්‍රව සහිත කෙනෙකි. පණ්ඩිතයා බිය රහිත කෙනෙකි, උපද්‍රව රහිත කෙනෙකි (අංගුත්තර තික නිපාතය). බාලයා යනු බුද්ධිමතුන් විසින් බැහැර කළ යුතු කෙනෙකි, පිළිකුල් කළ යුතු කෙනෙකි.
පූතිමච්ඡං කුසග්ගේන යෝනරෝ උපනයිහති
කුසා පි පූති වායන්ති ඒවං බාලූප සේවනා
කුණු වූ මස් කැබැල්ලක් කොළයක ඔතන ලද විට, කොළය ද දුගඳ හමන්නේය. බාලයන් ඇසුරු කිරීම ද එබඳුය.