පොත් ලැයිස්තුව

2. පරිඤ්ඤෙය්‍යෙසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි

star_outline

චතුරාර්ය සත්‍ය දේශනාවට අනුව 'දුක්ඛ ආර්ය සත්‍යය' පිරිසිඳ දත යුතුය. මෙහි 'පිරිසිඳ දැනීම' යනු කිසිදු ඉතිරියක් නැතිව, පරිපූර්ණ වශයෙන් යමක යථාර්ථය අවබෝධ කර ගැනීමයි. එම දුක්ඛ සත්‍යය පරිපූර්ණ වශයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් අවබෝධ කර ගැනීම 'පරිඤ්ඤෙය්‍යෙසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි' යනුවෙන් හඳුන්වන අතර, එය ද සුවිශේෂී ඉර්ධියකි.