පොත් ලැයිස්තුව

මිථ්‍යා ආජීවය යනු කුමක්ද?

star_outline

කුහනා (කුහකකම): ධ්‍යාන, මාර්ගඵල, ඉර්ධිබල ආදිය නොලබා සිටියදීත්, තමා එසේ ලබා ඇති කෙනෙක් බව නොයෙක් උපක්‍රමයන් මඟින් හඟවා මිනිසුන් විස්මයට පත් කිරීම.

ලපනා (පොළඹවන කතා): ලාභ සත්කාර ආසාවෙන් යුතුව, ඒවා ලැබෙන ආකාරයට වචන කතා කිරීම (ඉච්ඡා ලපන).

නේමිත්තකතා (නිමිති කීම): ලාභ සත්කාරයන් වක්‍රාකාරව නිමිති දක්වමින් ඉල්ලා සිටීම. "ආවාසය දැන් බොහෝ කොට සකස් කර අවසන්ය; දැන් ඇත්තේ දොර පියන් ටිකක්, ජනෙල් පියන් ටිකක් සාදා ගැනීමටය; පරණ ආවාසයේ තිබෙන ආකාරයට ගාම්භීර ජනෙල් පියන් ඉතා හොඳය" ආදී වශයෙන් නොයෙක් නිමිති කියමින් වක්‍රාකාරව යමක් ඉල්ලා ගැනීම.

නිප්පේසිකතා (ගැරහීම/ප්‍රතික්ෂේප කිරීම): තම තමන්ට ලැබෙන දෙය "අපහට මෙතරම් දේවල් අවශ්‍ය නැත" ආදී වශයෙන් (තැකීමක් නැති සේ) ප්‍රතික්ෂේප කිරීම; එය කරන්නේ අනාගතයේ වඩා වටිනා දේවල් ලබන අදහසින්ය.

ලාභේන ලාභං නිජිගීසනතා (ලාභයෙන් ලාභ සෙවීම): එක් තැනකින් ලැබුණු ලාභ සත්කාර තව තැනකට පෙන්වා, එයින් තවත් ලාභ සෙවීම.

මේ සඳහන් කරන ලද්දේ මිථ්‍යා ආජීවය හෙවත් වැරදි දිවි පැවැත්මයි.