පොත් ලැයිස්තුව

​සත්පුරුෂ දෘෂ්ටිය

star_outline

​"කථඤ්ච භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසදිට්ඨී හෝති: ඉධ භික්ඛවේ, සප්පුරිසෝ ඒවංදිට්ඨී හෝති: අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ, අත්ථි අයං ලෝකෝ, අත්ථි පරෝ ලෝකෝ, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්තී’ති. ඒවං ඛෝ භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසදිට්ඨී හෝති."

​මහණෙනි, කොපමණකින් සත්පුරුෂයා සත්පුරුෂ දෘෂ්ටිය ඇති කෙනෙක් වෙයිද යත්? මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂයා මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි: දානයෙහි විපාක ඇත, මහාදානයෙහි විපාක ඇත, පූජාවෙහි විපාක ඇත, කුසල අකුසල කර්මයන්ගේ විපාක ඇත, මේ ලෝකය ඇත, පරලොව ඇත, මව ඇත, පියා ඇත, ඕපපාතිකව උපදිනා සත්ත්වයෝ ඇත, ලෝකයෙහි යම් කෙනෙක් තමාගේම නුවණින් මෙලොවත් පරලොවත් අවබෝධ කරගෙන, විශිෂ්ඨ ඥානයෙන් දැනගෙන, ප්‍රත්‍යක්ෂ කරගෙන ප්‍රකාශ කරද්ද, එබඳු යහපත් මාර්ගයෙහි ගමන් කරන, යහපත් ප්‍රතිපත්තිය ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත. මහණෙනි, මෙසේ සත්පුරුෂයා සත්පුරුෂ දෘෂ්ටි ඇති කෙනෙක් වෙයි.