පොත් ලැයිස්තුව

සත්පුරුෂ ක්‍රියා

star_outline

​සත්පුරුෂයා සත්පුරුෂ ක්‍රියාවල යෙදුණු කෙනෙකි. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම සත්පුරුෂ ක්‍රියාවකි. ඒ බව මෙම සූත්‍රයෙහි ඇතුළත්ය:

​"කථඤ්ච භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසකම්මන්තෝ හෝති: ඉධ භික්ඛවේ, සප්පුරිසෝ පාණාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදානා පටිවිරතෝ හෝති, කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. ඒවං ඛෝ භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසකම්මන්තෝ හෝති."

​මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ ක්‍රියාවල යෙදෙන්නේ කෙසේද? මහණෙනි, මෙහි සත්පුරුෂයා ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනෙකි, සොරකම් කිරීමෙන් වැළකුණු කෙනෙකි, කාමමිථ්‍යාචාරයෙන් වැළකුණු කෙනෙකි. මහණෙනි, මෙසේ සත්පුරුෂයා සත්පුරුෂ ක්‍රියා ඇති කෙනෙක් වෙයි.