දෙවන චිත්තයෙහි දෝමනස්ස - පටිඝ - සසංඛාර යන මොවුන්ගේ ලක්ෂණය පෙර කී සේම ය. යමෙකු දොම්නසින් හා පටිඝයෙන් යුක්ත වැ අනුන්ගේ මෙහෙයීමෙන් හෝ තමාගේම පසුබැසීමෙන් හෝ ප්‍රාණඝාතාදී පාපයක් කෙරේ ද, ඔහුට දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත සසංඛාරික යන දෝස මූලික දෙවන චිත්තය ලැබෙන්නේ ය.
(උපුටා ගැනීම අභිධර්මචන්ද්‍රිකාව - අන්තර්ජාලයේ පළ වූ ලිපියකි)