අවිද්‍යා සහගත ස්පර්ශයෙන් හටගත් විඳීම් විඳින අශ්‍රුතවත් පෘථග්ජනයාට තණ්හාව උපදී. රූපය ආත්මයයි යන සංස්කාරය එම තණ්හාවෙන් හටගත්තේය. (පාරිලෙයියක සූත්‍රය - සංයුත්ත නිකාය)
අවිද්‍යාව අනිත්‍ය වූ දෙයකි. අවිද්‍යා සහගත ස්පර්ශයද අනිත්‍ය වූ දෙයකි. එම ස්පර්ශයෙන් හටගත් වේදනාවද අනිත්‍ය වූ දෙයකි. එම වේදනාවෙන් හටගත්ත තණ්හාවද අනිත්‍ය වූ දෙයකි. එම තණ්හාවෙන් හටගත් රූපය ආත්මය වශයෙන් සලකයි යන සංස්කාරයද අනිත්‍ය වූ දෙයකි. (පාරිලෙයියක සූත්‍රය - සංයුත්ත නිකාය)
පාරිලෙයියක සූත්‍රය අනුව සක්කාය දිට්ඨිය යනු සංස්කාරයක් බවත්, එය අවිද්‍යා සහගත ස්පර්ශයෙන් හටගත් විඳීම් විඳින අශ්‍රුතවත් පෘථග්ජනයාට තණ්හාව උපදී. එම තණ්හාවෙන් සක්කාය දිට්ඨිය නම් සංස්කාර හට ගන්නා බවත් පැහැදිලි කර දෙයි. . එම සංස්කාරයට හේතු වූ අවිද්‍යාව, ස්පර්ශය, වේදනාව, තණ්හාව, එම සංස්කාරය යන සෑම ධර්මයක්ම අනිත්‍ය බැවින් ආත්මයක් ඇත යන අදහසද සිත තුළ ඇතිවන අනිත්‍ය සංකල්පනාවක් බව මනාව තේරුම් ගත යුතුය. සත්ත්වයෙක් ඇත, පුද්ගලයෙක් ඇත යන සංකල්පනා ද අනිත්‍ය වූ දෙයක් බව මනාව තේරුම් ගත යුතුය.