සැබවින්ම ආත්මයක් තිබේද යන පැනයට දිය හැකි සෘජු පිළිතුර වන්නේ "නැත" යන්නයි. බුදු දහම හැර අන්‍ය සියලු ආගම්ද අන්‍ය සියලු ආගමික දර්ශනයන්ද ආත්මය පිළිගනිති. ආත්මය නොපිළිගන්නා එකම ආගම සහ එකම දර්ශනය වන්නේ බුදු දහම පමණයි. ආත්මයක් නැති කල්හි සත්වයෙක්, පුද්ගලයෙක්, ජීවියෙක්ද නැත. සම්මුති වශයෙන් ආත්මයක් ඇතැයි සලකනු ලබයි. එසේම සම්මුති වශයෙන් සත්ත්වයෙක් ඇත, පුද්ගලයෙක් ඇත, ආත්මයක් ඇත, ජීවයක් ඇත යනුවෙන් සලකයි. ආත්මයක් ඇත යන අදහස අපගේ සිත තුළ හටගන්නා වූ සංස්කාරයකි. එම සංස්කාරය හටගන්නා ආකාරය සංයුත්ත නිකායේ පාරිලෙයියක සූත්‍රයෙහි දක්වා තිබේ.