දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛසමුදයේ අඤ්ඤාණං, දුක්ඛනිරෝධෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං, පුබ්බන්තේ අඤ්ඤාණං, අපරන්තේ අඤ්ඤාණං, පුබ්බාපරන්තේ අඤ්ඤාණං, ඉදප්පච්චයතා පටිච්ච සමුප්පන්නේසු අඤ්ඤාණං”
- දුක්ඛ ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධ නොවීමද,
- දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධ නොවීමද,
- දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධ නොවීමද,
- දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳව අවබෝධ නොවීමද,
- පූර්වාන්තය හෙවත් අතීතයේ පැවති ස්කන්ධ ධාතු ආයතන අවබෝධ නොවීමද,
- අපරාන්තය හෙවත් අනාගතයේ ඇතිවන ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ අවබෝධ නොවීමද,
- පූර්වාන්ත අපරාන්ත හෙවත් අතීතයේද අනාගතයේද පවතින්නා වූ ස්කන්ධ ධාතු ආයතන ධර්මයන් අවබෝධ නොවීමද,
- හේතුඵල දහම අවබෝධ නොවීමද අවිද්‍යාවයි. (ධම්මසංගණීප්‍රකරණය)