අකාරුණික බව විහිංසාවයි. අන් අය කෙරෙහි අනුකම්පා විරහිත බව විහිංසාවයි. අන් අයට හිංසා පීඩා කරන අදහස විහිංසාවයි. එයද මහත් වූ පාපයකි. එම පාප සිතුවිල්ල සිත තුළ ඇති වූ විට ක්‍රියාත්මක වන්නට ඉඩ නොදී, එයද සත්ත්වයකු, පුද්ගලයකු නොවන දෙයකි, ධාතු මාත්‍රයකි යනුවෙන් ධාතු ස්වභාවයම අවබෝධ කර ගැනීමට මහන්සි විය යුතුය.