විමෝචයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති, විමෝචයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති"
ප්‍රථම ධ්‍යානයෙන් පංච නීවරණයන්ගෙන් සිත මුදවා ගනිමින් ද, දුතිය ධ්‍යානයෙන් විතක්ක විචාර යන ධ්‍යාන අංගයන්ගෙන් සිත මුදවා ගනිමින් ද, තෘතීය ධ්‍යානයෙන් ප්‍රීතියෙන් සිත මුදවා ගනිමින් ද, හතරවන ධ්‍යානයෙන් සුඛයෙන් සිත මුදවා ගනිමින් ද ආශ්වාස කරන්නෙමි හික්මෙයි, ප්‍රශ්වාස කරන්නෙමි හික්මෙයි. මේ සමථය වශයෙන් වඩන ආකාරයයි.
සමථ පූර්වාංගම විදර්ශනා වශයෙන් වඩන ආකාරය:
ධ්‍යානයෙන් නැගී සිට ආශ්වාස ප්‍රශ්වාස අරමුණෙහි ඇතිවීම නැතිවීම හෙවත් උදයව්‍යය නුවණින් විමසමින්;
අනිත්‍ය ලක්ෂණය බලන විට නිත්‍ය සංඥාවෙන් සිත මුදවමින් ද,
දුක්ඛ ලක්ෂණය බලන විට සැප හෙවත් සුඛ සංඥාවෙන් සිත මුදවමින් ද,
අනාත්ම ලක්ෂණය බලන විට ආත්ම සංඥාවෙන් සිත මුදවමින් ද ආශ්වාස කරන්නෙමි හික්මෙයි, ප්‍රශ්වාස කරන්නෙමි හික්මෙයි.
ශුෂ්ක විදර්ශක වශයෙන් වඩන ආකාරය:
ශුෂ්ක විදර්ශක හෙවත් සමථය නොවඩාම විදර්ශනා වඩන තැනැත්තා ද ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ;
අනිත්‍ය විමසන විට නිත්‍ය සංඥාවෙන් හිත මුදවමින් ද,
දුක්ඛ ලක්ෂණය බලන විට සුඛ සංඥාවෙන් සිත මුදවමින් ද,
අනාත්ම ලක්ෂණය බලන විට ආත්ම සංඥාවෙන් සිත මුදවමින් ද ආශ්වාස කරන්නෙමි හික්මෙයි, ප්‍රශ්වාස කරන්නෙමි හික්මෙයි.