"සුඛපටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති, සුඛපටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති"
ප්‍රීතියට වඩා මෙහි ඇති වෙනස "සුඛ" කියන වචනය යෙදීමයි. සුඛ නම් ධ්‍යාන අංගය ඇති ධ්‍යාන තුනකි. එනම්, ප්‍රථම ධ්‍යානය, දුතිය ධ්‍යානය සහ තෘතීය ධ්‍යානය යන තුනයි.
එම ධ්‍යානයන්ට සමවැදීම් මාත්‍රයෙන්ම, හෙවත් සමවැදුණු පමණින්ම සුඛය දැනගත්තා වෙයි. එසේම සුඛය විදර්ශනා වඩන තැනැත්තා ද සුඛය දැනගත්තා වෙයි.
...ආනාපානසති විදර්ශනාවේදී කායික සුඛය සහ මානසික සුඛය දෙකම සුඛ නමින් හඳුන්වනු ලබන බව පටිසම්භිදා මග්ගපාලියෙහි සඳහන්ය..
චිත්තසංඛාරපටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති, චිත්තසංඛාරපටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති"
මෙහි විශේෂයෙන් කිව යුත්තක් නැත. චිත්ත සංස්කාර නම් වේදනා ස්කන්ධය සහ සංඥා ස්කන්ධයයි. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් නැත.
"පස්සම්භයං චිත්තසංඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං චිත්තසංඛාරං පස්සසිස්සාමීති සික්ඛති"
ගොරෝසු හෙවත් ඕලාරික චිත්ත සංස්කාර සංසිඳුවමින් (චිත්ත සංස්කාර යනු ආශ්වාස ප්‍රශ්වාසය නිරුද්ධ කරමින්) ආශ්වාස කරන්නෙමි හික්මෙයි, ප්‍රශ්වාස කරන්නෙමි හික්මෙයි.
විශේෂයෙන් මෙම චතුස්කයේදී;
'පීති' යන පදයෙන් ප්‍රීති ස්වරූපයෙන් වේදනාව ද,
'සුඛ' යන පදයෙන් සුඛ ස්වභාවයෙන් වේදනාව ද,
'චිත්තසංඛාර' යන පද දෙකෙන් සංඥාව ද වේදනාව ද දක්වන ලදී.
එහිදී සංඥා සම්ප්‍රයුක්ත වූ වේදනාව කියන ලද බවත් තේරුම් ගෙන, මේ හතරෙන්ම වේදනානුපස්සනාව වදාළ බව දතයුතුය.
මේ අප විසින් ලියන ලද ආනාපානසති භාවනා සම්පූර්ණ ලිපියයි.
ධර්ම දානය පිණිසයි
https://www.nipunadhamma.org