රූපය ආත්මයයි යනුවෙන් සැලකීම:
රූපය නිත්‍ය වූ, ස්ථිර වූ, සදාකාලික වූ, වෙනස් නොවන්නා වූ, සැමදා පවතින්නා වූ දෙයක් ලෙස සැලකීම සක්කාය දිට්ඨියයි. සෙවනැල්ල සහිත මහා වෘක්ෂයක් ඇත. සෙවනැල්ලත්, ගසත් එකක් යැයි සිතන්නා මෙන්ම, රූපයත් ආත්මයත් එකක් යැයි සලකන ස්වභාවය මෙයයි.
රූපයෙන් හටගත් ආත්මයක් ඇතැයි සලකයි.
මෙම සක්කාය දිට්ඨිය ඇති පුද්ගලයා "රූපය වෙනම එකකි, ආත්මය වෙනම එකකි" යනුවෙන් සිතයි. එහෙත් ආත්මය සකස් වී ඇත්තේ රූපයෙන් බව ඔහු විශ්වාස කරයි. ඔහු ආත්මය වශයෙන් ගන්නේ වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යන චිත්ත චෛතසික ධර්මයන්ය. සෙවනැල්ල සහිත මහත් වූ ශාකයක් ඇත. ශාකය වෙනම එකකි, සෙවනැල්ල වෙනම එකකි. එහෙත් සෙවනැල්ල සකස් වී ඇත්තේ ගස නිසා යැයි සිතන්නා මෙන්ම, ආත්මය සකස් වී ඇත්තේ රූපයෙන් යැයි ඔහු සිතයි. මෙය දෙවන සක්කාය දිට්ඨියයි.
ආත්මය තුළ රූපය ඇතැයි
එසේ සලකන තැනැත්තා වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ආත්මය වශයෙන් ගෙන, එම ආත්මය නිසා හෙවත් ආත්මය තුළ රූපය ඇතැයි සලකයි. සුවඳවත් වූ මලක් තිබේ. මල තුළ සුවඳ ඇත යනුවෙන්, මලත් සුවඳත් දෙකක් ලෙස ගෙන, සුවඳ පවතින්නේ මල තුළය යනුවෙන් සිතන්නා මෙන්ම, ආත්මය තුළ රූපය පවතින්නේ යැයි ඔහු සිතයි.
රූපය තුළ ආත්මය ඇතැයි සලකයි.
වේදනාව, සංඥාව, සංස්කාර, විඤ්ඤාණ ආත්මය වශයෙන් ගෙන, එම ධර්මයන් පවතින්නේ රූපය තුළය යනුවෙන් හිතන ස්වභාවය මෙම සක්කාය දිට්ඨියයි. වටිනා කරඬුවක් තුළ මැණිකක් තැන්පත් කර ඇත. කරඬුව යනුවෙන් හඳුන්වන්නේ රූපයයි. මැණික යනුවෙන් හඳුන්වන්නේ ආත්මයයි. කරඬුව තුළ මැණික ඇත කියා සිතන්නා මෙන්ම, රූපය තුළ ආත්මය ඇත යනුවෙන් සිතයි. මෙය හතරවන සක්කාය දිට්ඨියයි.
වේදනාව ආත්මයයි යනුවෙන් සැලකීම:
වේදනාව නිත්‍ය වූ, ස්ථිර වූ, සදාකාලික වූ, වෙනස් නොවන්නා වූ, සැමදා පවතින්නා වූ දෙයක් ලෙස සැලකීම සක්කාය දිට්ඨියයි. සෙවනැල්ල සහිත මහා වෘක්ෂයක් ඇත. සෙවනැල්ලත්, ගසත් එකක් යැයි සිතන්නා මෙන්ම, වේදනාවත් ආත්මයත් එකක් යැයි සලකන ස්වභාවය මෙයයි.
වේදනාවෙන් හටගත් ආත්මයක් ඇතැයි සලකයි.
මෙම සක්කාය දිට්ඨිය ඇති පුද්ගලයා "වේදනාව වෙනම එකකි, ආත්මය වෙනම එකකි" යනුවෙන් සිතයි. එහෙත් ආත්මය සකස් වී ඇත්තේ වේදනාවෙන් බව ඔහු විශ්වාස කරයි. ඔහු ආත්මය වශයෙන් ගන්නේ රූප, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යන ධර්මයන්ය. සෙවනැල්ල සහිත මහත් වූ ශාකයක් ඇත. ශාකය වෙනම එකකි, සෙවනැල්ල වෙනම එකකි. එහෙත් සෙවනැල්ල සකස් වී ඇත්තේ ගස නිසා යැයි සිතන්නා මෙන්ම, ආත්මය සකස් වී ඇත්තේ වේදනාවෙන් යැයි ඔහු සිතයි. මෙය වේදනාව පිළිබඳ දෙවන සක්කාය දිට්ඨියයි.
ආත්මය තුළ වේදනාව ඇතැයි සලකයි:
එසේ සලකන තැනැත්තා රූප, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ආත්මය වශයෙන් ගෙන, එම ආත්මය නිසා හෙවත් ආත්මය තුළ වේදනාව ඇතැයි සලකයි. සුවඳවත් වූ මලක් තිබේ. මල තුළ සුවඳ ඇත යනුවෙන්, මලත් සුවඳත් දෙකක් ලෙස ගෙන, සුවඳ පවතින්නේ මල තුළය යනුවෙන් සිතන්නා මෙන්ම, ආත්මය තුළ වේදනාව පවතින්නේ යැයි ඔහු සිතයි.
වේදනාව තුළ ආත්මය ඇතැයි සලකයි:
රූප, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ආත්මය වශයෙන් ගෙන, එම ධර්මයන් පවතින්නේ වේදනාව තුළය යනුවෙන් හිතන ස්වභාවය මෙම සක්කාය දිට්ඨියයි. වටිනා කරඬුවක් තුළ මැණිකක් තැන්පත් කර ඇත. කරඬුව යනුවෙන් හඳුන්වන්නේ වේදනාවයි. මැණික යනුවෙන් හඳුන්වන්නේ ආත්මයයි. කරඬුව තුළ මැණික ඇත කියා සිතන්නා මෙන්ම, වේදනාව තුළ ආත්මය ඇත යනුවෙන් සිතයි. මෙය වේදනාව පිළිබඳ හතරවන සක්කාය දිට්ඨියයි.
සංඥාව ආත්මයයි යනුවෙන් සැලකීම:
සංඥාව නිත්‍ය වූ, ස්ථිර වූ, සදාකාලික වූ, වෙනස් නොවන්නා වූ, සැමදා පවතින්නා වූ දෙයක් ලෙස සැලකීම සක්කාය දිට්ඨියයි. සෙවනැල්ල සහිත මහා වෘක්ෂයක් ඇත. සෙවනැල්ලත්, ගසත් එකක් යැයි සිතන්නා මෙන්ම, සංඥාවත් ආත්මයත් එකක් යැයි සලකන ස්වභාවය මෙයයි.
සංඥාවෙන් හටගත් ආත්මයක් ඇතැයි සලකයි.
මෙම සක්කාය දිට්ඨිය ඇති පුද්ගලයා "සංඥාව වෙනම එකකි, ආත්මය වෙනම එකකි" යනුවෙන් සිතයි. එහෙත් ආත්මය සකස් වී ඇත්තේ සංඥාවෙන් බව ඔහු විශ්වාස කරයි. ඔහු ආත්මය වශයෙන් ගන්නේ රූප, වේදනා, සංස්කාර, විඤ්ඤාණ යන ධර්මයන්ය. සෙවනැල්ල සහිත මහත් වූ ශාකයක් ඇත. ශාකය වෙනම එකකි, සෙවනැල්ල වෙනම එකකි. එහෙත් සෙවනැල්ල සකස් වී ඇත්තේ ගස නිසා යැයි සිතන්නා මෙන්ම, ආත්මය සකස් වී ඇත්තේ සංඥාවෙන් යැයි ඔහු සිතයි. මෙය සංඥාව පිළිබඳ දෙවන සක්කාය දිට්ඨියයි.
ආත්මය තුළ සංඥාව ඇතැයි සලකයි:
එසේ සලකන තැනැත්තා රූප, වේදනා, සංස්කාර, විඤ්ඤාණ ආත්මය වශයෙන් ගෙන, එම ආත්මය නිසා හෙවත් ආත්මය තුළ සංඥාව ඇතැයි සලකයි. සුවඳවත් වූ මලක් තිබේ. මල තුළ සුවඳ ඇත යනුවෙන්, මලත් සුවඳත් දෙකක් ලෙස ගෙන, සුවඳ පවතින්නේ මල තුළය යනුවෙන් සිතන්නා මෙන්ම, ආත්මය තුළ සංඥාව පවතින්නේ යැයි ඔහු සිතයි.
සංඥාව තුළ ආත්මය ඇතැයි සලකයි:
රූප, වේදනා, සංස්කාර, විඤ්ඤාණ ආත්මය වශයෙන් ගෙන, එම ධර්මයන් පවතින්නේ සංඥාව තුළය යනුවෙන් හිතන ස්වභාවය මෙම සක්කාය දිට්ඨියයි. වටිනා කරඬුවක් තුළ මැණිකක් තැන්පත් කර ඇත. කරඬුව යනුවෙන් හඳුන්වන්නේ සංඥාවයි. මැණික යනුවෙන් හඳුන්වන්නේ ආත්මයයි. කරඬුව තුළ මැණික ඇත කියා සිතන්නා මෙන්ම, සංඥාව තුළ ආත්මය ඇත යනුවෙන් සිතයි. මෙය සංඥාව පිළිබඳ හතරවන සක්කාය දිට්ඨියයි.
විඤ්ඤාණය ආත්මයයි යනුවෙන් සැලකීම:
විඤ්ඤාණය නිත්‍ය වූ, ස්ථිර වූ, සදාකාලික වූ, වෙනස් නොවන්නා වූ, සැමදා පවතින්නා වූ දෙයක් ලෙස සැලකීම සක්කාය දිට්ඨියයි. සෙවනැල්ල සහිත මහා වෘක්ෂයක් ඇත. සෙවනැල්ලත්, ගසත් එකක් යැයි සිතන්නා මෙන්ම, විඤ්ඤාණයත් ආත්මයත් එකක් යැයි සලකන ස්වභාවය මෙයයි.
විඤ්ඤාණයෙන් හටගත් ආත්මයක් ඇතැයි සලකයි.
මෙම සක්කාය දිට්ඨිය ඇති පුද්ගලයා "විඤ්ඤාණය වෙනම එකකි, ආත්මය වෙනම එකකි" යනුවෙන් සිතයි. එහෙත් ආත්මය සකස් වී ඇත්තේ විඤ්ඤාණයෙන් බව ඔහු විශ්වාස කරයි. ඔහු ආත්මය වශයෙන් ගන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර යන ධර්මයන්ය. සෙවනැල්ල සහිත මහත් වූ ශාකයක් ඇත. ශාකය වෙනම එකකි, සෙවනැල්ල වෙනම එකකි. එහෙත් සෙවනැල්ල සකස් වී ඇත්තේ ගස නිසා යැයි සිතන්නා මෙන්ම, ආත්මය සකස් වී ඇත්තේ විඤ්ඤාණයෙන් යැයි ඔහු සිතයි. මෙය විඤ්ඤාණය පිළිබඳ දෙවන සක්කාය දිට්ඨියයි.
ආත්මය තුළ විඤ්ඤාණය ඇතැයි සලකයි:
එසේ සලකන තැනැත්තා රූප, වේදනා, සංඥා, සංස්කාර ආත්මය වශයෙන් ගෙන, එම ආත්මය නිසා හෙවත් ආත්මය තුළ විඤ්ඤාණය ඇතැයි සලකයි. සුවඳවත් වූ මලක් තිබේ. මල තුළ සුවඳ ඇත යනුවෙන්, මලත් සුවඳත් දෙකක් ලෙස ගෙන, සුවඳ පවතින්නේ මල තුළය යනුවෙන් සිතන්නා මෙන්ම, ආත්මය තුළ විඤ්ඤාණය පවතින්නේ යැයි ඔහු සිතයි.
විඤ්ඤාණය තුළ ආත්මය ඇතැයි සලකයි:
රූප, වේදනා, සංඥා, සංස්කාර ආත්මය වශයෙන් ගෙන, එම ධර්මයන් පවතින්නේ විඤ්ඤාණය තුළය යනුවෙන් හිතන ස්වභාවය මෙම සක්කාය දිට්ඨියයි. වටිනා කරඬුවක් තුළ මැණිකක් තැන්පත් කර ඇත. කරඬුව යනුවෙන් හඳුන්වන්නේ විඤ්ඤාණයයි. මැණික යනුවෙන් හඳුන්වන්නේ ආත්මයයි. කරඬුව තුළ මැණික ඇත කියා සිතන්නා මෙන්ම, විඤ්ඤාණය තුළ ආත්මය ඇත යනුවෙන් සිතයි. මෙය විඤ්ඤාණය පිළිබඳ හතරවන සක්කාය දිට්ඨියයි.