'සබ්බං' හෙවත් සියල්ල යන වචනය අර්ථ කීපයක යෙදෙයි.
“සබ්බං රූපං, සබ්බා වේදනා, සබ්බා සංඥා, සබ්බ සංඛාරා, සබ්බං විඤ්ඤාණං, සබ්බ සක්කාය පරියාපන්නේසු ධම්මේසූති.”
සියලු රූප, සියලු වේදනා, සියලු සංඥා, සියලු සංස්කාර, සියලු විඤ්ඤාණ යනුවෙන් දේශනා කර ඇත. එය පංච උපාදානස්කන්ධයට අදාළ වන සියලු ධර්මයන් දැක්වීමයි. එබැවින් පංච උපාදානස්කන්ධයට අදාළ වූ සියලු ධර්මයන් 'සබ්බ' යන වචනයෙන් දේශනා කර ඇත.
“සබ්බං වෝ, භික්ඛවේ, දේසිස්සාමි, තං සුණාථ. කිඤ්ච, භික්ඛවේ, සබ්බං? චක්ඛුඤ්චේව රූපා ච, සෝතඤ්ච සද්දා ච, ඝානඤ්ච ගන්ධා ච, ජිව්හා ච රසා ච, කායෝ ච ඵොට්ඨබ්බා ච, මනෝ ච ධම්මා ච – ඉදං වුච්චති, භික්ඛවේ, සබ්බං.”
(සබ්බ සූත්‍රය, සලායතන සංයුත්තය)
මහණෙනි, සියල්ල යනු කුමක්ද? ඇසත් රූපත් ය; කනත් ශබ්දත් ය; නාසයත් ගඳ සුවඳත් ය; දිවත් රසත් ය; කයත් පහසත් ය; මනසත් අරමුණුත් ය. මහණෙනි, මේ 'සියල්ල' යැයි කියනු ලැබේ.
මෙම සබ්බ සූත්‍රයේදී සලායතනයන් 'සියල්ල' යනුවෙන් විස්තර කර දී ඇත. සලායතන අවබෝධ කරගැනීමෙන් 'සියල්ල' අවබෝධ කර ගත් කෙනෙකු වන බව ද එම සූත්‍රයෙහි තවදුරටත් සඳහන්ය