පොත් ලැයිස්තුව

සබ්බ පරිඤ්ඤා සූත්‍රය

star_outline
ඉතිවුත්තක පාලිය - ඒකක නිපාතය

​භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. අරිහත් වූ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී.

​“සබ්බං, භික්ඛවේ, අනභිජානං අපරිජානං තත්ථ චිත්තං අවිරාජයං අප්පජහං අභබ්බෝ දුක්ඛක්ඛයාය. සබ්බඤ්ච ඛෝ, භික්ඛවේ, අභිජානං පරිජානං තත්ථ චිත්තං විරාජයං පජහං භබ්බෝ දුක්ඛක්ඛයායා”ති.

​මහණෙනි දැනගත යුතු සියල්ල:

අනභිජානං: විශේෂයෙන් අවබෝධ නොකරන්නේ.

අපරිජානං: පිරිසිඳ (ඉතුරුවක් නැතුව සම්පූර්ණයෙන්ම) අවබෝධ නොකරන්නේ.

තත්ථ චිත්තං අවිරාජයං: එහි සිත ඇලෙන්නේ නැතුව.

අප්පජහං: දුරු නොකරන්නේ.

​දුක් අවසන් කිරීමට නුසුදුසුය.

​මහණෙනි, දත යුතු සියල්ල විශිෂ්ට ඥානයෙන් දැනගන්නේ, පිරිසිඳ දැනගන්නේ, එහි සිතක් නො අලවන්නේ, සියලු දුක අවසන් කිරීමට සුදුසු වන්නේය.

එතමත්ථං භගවා අවෝච. තත්ථේතං ඉති වුච්චති

​මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. එම අර්ථය මෙසේ ද ගාථාවලින් කියනු ලැබේ:

​“යෝ සබ්බං සබ්බතෝ ඤත්වා, සබ්බත්ථේසු න රජ්ජති;

ස වේ සබ්බපරිඤ්ඤාසෝ, සබ්බදුක්ඛමුපච්චගා”ති.

​යමෙක් දත යුතු සියල්ල සර්වප්‍රකාරයෙන් දැන, සියලුම ධර්මයන්හි නොඇලෙන්නේය. ඔහු ඒකාන්තයෙන්ම සියල්ල දැන ගැනීමෙන් සියලු සසර දුක ඉක්මවන්නේය.

අයම්පි අත්ථෝ වුත්තෝ භගවතා, ඉති මේ සුතන්ති.

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී.