පොත් ලැයිස්තුව

ආසන්න කර්මය:

star_outline

මරණාසන්න කාලයෙහි කරන ලද්දා වූ කර්මය ආසන්න කර්ම නමින් හඳුන්වනු ලබයි. මරණාසන්න කාලය යැයි පැවසුවද, සමහරවිට එම කර්මය කරන ලද්දේ ඊට ටික කලකට පෙර විය හැකිය. පෙර සඳහන් කරන ලද ගරුක කර්මයක් මරණාසන්න මොහොතේ සිහියට ආවේ නැතිනම්, ඊළඟට සිහියට එන්නේ ආචිණ්ණ කර්මයකි. එය සිහියට ආවේ නැතිනම්, ඊළඟට මරණාසන්න මොහොතේ සිහිපත් වන්නේ ආසන්න කර්මයයි. ආසන්න කර්මයකුත් සිහියට එළඹ සිටියේ නැතිනම්, සිහිපත් වන්නේ කටත්තා කර්මයයි.

​ආචිණ්ණ කර්මය:

කුසල අකුසල කර්ම අතරින් යම් කර්මයක් බොහෝ කාලයක් කරන ලද්දේ නම්, සේවනය කරන ලද්දේ නම්, ඇසුරු කරන ලද්දේ නම්, පුරුදු කරන ලද්දේ නම්, නිතර නිතර සිහි කරන ලද්දේ නම් හෝ නිතර නිතර කරන ලද්දේ නම්, එම කර්මය ආචිණ්ණ කර්ම නමින් හඳුන්වනු ලබයි. සතුට බහුල වූ කුසල කර්මත්, සන්තාපය බහුල වූ අකුසල කර්මත් මේ ගණයට අයත් වෙයි. "යබ්බහුල කර්මය" කියාද මෙම කර්මය හඳුන්වයි.

​කටත්තා කර්මය:

පෙර සඳහන් කළ කර්ම තුනට නොගැණුනු, විසුරුණු සිතින් කළා වූ කර්මය කටත්තා කර්ම නමින් හඳුන්වනු ලබයි. පෙර ජාතීන්වල කළ අපරාපරියවේදනීය කර්මයන් මින් අදහස් කෙරේ. මෙයද කුසල අකුසල වශයෙන් කොටස් දෙකකි.