පොත් ලැයිස්තුව

ගරුක කර්මය:

star_outline

​විපාක දෙන ආකාරයට අනුව කර්මය කොටස් හතරකට බෙදෙයි. එනම් ගරුක කර්ම, ආසන්න කර්ම, ආචිණ්ණ කර්ම සහ කටත්තා කර්ම යනුවෙනි. කුසල සහ අකුසල කර්මයන් අතරින් යම් කර්මයක් අතිශය බලගතු වේද, ඒ බලගතු වූ කර්මය ගරුක කර්ම නමින් හඳුන්වනු ලබයි. කුසල කර්ම අතර බලගතු වන්නේ අෂ්ට සමාපත්තීන් හෙවත් ධ්‍යාන කුසල්ය. ධ්‍යාන කුසලයක් මරණාසන්න මොහොතෙහි සිහියට නැඟුණේ නම්, හෙවත් අවසාන මොහොතේ ධ්‍යානයකට සමවැදී මරණයට පත් වූයේ නම් ඔහු බඹලොව උපත ලබයි. අකුසල කොටසෙහිදී නියත මිථ්‍යාදෘෂ්ටියත්, ආනන්තරීය පාපකර්මත් බලගතු කර්ම හෙවත් ගරුක කර්ම ලෙස හඳුන්වනු ලබයි. නියත මිසදිටු ගත් අයත්, ආනන්තරීය පාපකර්ම කළ අයත් ඊළඟ ජීවිතයේදී නිරයෙහි උපත ලබයි. එය මොනම ආකාරයකින්වත් වළක්වා ගත නොහැකිය. මෙසේ බලගතු වන කර්මයන්, හෙවත් ජනක කර්ම කුසල හා අකුසල වශයෙන් කොටස් දෙකකට බෙදා විස්තර කර ඇත.