පොත් ලැයිස්තුව

උපපීළක කර්මය:

star_outline

​ජනක කර්මයට පීඩා කරන, ජනක කර්ම ශක්තිය හීන කරන කර්ම ඇත. එම කර්මය උපපීළක කර්ම යන නමින් හඳුන්වනු ලබයි. මෙම කර්මය ජනක කර්මයෙන් උපන් විපාක පීඩාවට පත් කරයි හෙවත් එහි ශක්තිය අඩු කරයි. මහා නිරයක ඉපදිය යුතු තැනැත්තා සමහර විට උසුපත් නිරයක උපදින්නේය. එයට හේතුව අකුසල ජනක කර්මය උපපීළක කර්මයකින් පීඩාවට පත්වීමයි. උසස් කුලයක ඉපදිය යුතු තැනැත්තා සමහර විට පහත් කුලයක උපදින්නේය. එයට හේතුව කුසල ජනක කර්මය උපපීළක කර්මයකින් පහර ලැබීමයි. යමෙක් අකුසල ජනක කර්මයකින් තිරිසන් යෝනියෙහි උපන්නේද, කුසල උපපීළක කර්මය ඒ සත්වයා සුවපත් කරයි. යමෙක් මහාසාරාදී ඉතා උසස් වූ කුලයක ඉපදුණත්, අකුසල උපපීළක කර්මය ඔහු දුකට පත් කරයි. මෙසේ කුසල අකුසල වශයෙන් දෙයාකාරයකින් උපපීළක කර්මය පවතී.

අකාල මරණයට හේතුව උපඝාතක කර්මයයි. අජාසත්ත රජතුමාගේ ආනන්තරීය පාපකර්මය, කුසල කර්මයන්ට උපඝාතක විය. අංගුලිමාල මහ රහතන් වහන්සේගේ සීල, සමාධි, ධ්‍යාන ආදී කුසල කර්මයන්, උන්වහන්සේගේ පෙර අකුසල කර්මයන්ට උපඝාතක විය. උපච්ඡේදක යන නමින්ද මෙම කර්මය හඳුන්වනු ලබයි.