පොත් ලැයිස්තුව

කර්ම විපාක දීමේ අනුපිළිවෙල:

star_outline

පෙර සඳහන් කළ ආකාරයෙන්ම මෙම කර්ම හතරෙන්, පළමු කර්මයක් නැති කල්හි ඊළඟ කර්මය විපාක දෙයි. පළමුකොට විපාක දෙන්නේ ගරුක කර්මයයි. ගරුක කර්මයක් නැති අවස්ථාවේදී ආචිණ්ණ කර්මය විපාක දෙයි. ආචිණ්ණ කර්මයක් නැති අවස්ථාවේදී ආසන්න කර්මය විපාක දීමට ඉදිරියට ඒ. ආසන්න කර්මයක් නොමැති අවස්ථාවේදී අපරාපරියවේදනීය කර්මයන් කටත්තා කර්ම යන නමින් විපාක දෙයි.