රුප්පතීති ඛෝ භික්ඛවේ තස්මා රූපන්ති වුච්චති. වෙනස් වන නිසා රූපය නමින් හඳුන්වයි. සීතලෙන්, උණුසුමෙන්, මැසි මදුරු පීඩාවෙන්, සුළඟින්, අව්වෙන්, සර්පයන්ගෙන් වන පීඩාදියෙන් වෙනස් වන නිසාත්, කුසගින්නෙන්, පිපාසයෙන් වෙනස් වන නිසාත් රූපය නමින් හඳුන්වයි. චත්තාරෝ ච මහාභූතා චතුන්නංච මහාභූතානං උපාදාය රූපං.. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතු සහ සතර මහා ධාතූන්ගෙන් හටගත් වර්ණ, ගන්ධ, රස, ඕජා යනුත් රූප නමින් හඳුන්වනු ලබයි. අභිධර්ම ක්‍රමයට රූප විසි අටක් පවතී. ඒවා පසුව විස්තර කරනු ලැබේ.