පොත් ලැයිස්තුව

පංච උපාදානස්කන්ධය

star_outline

සත්වයා, පුද්ගලයා, ආත්මය, මම යනුවෙන් හඳුන්වන්නේ පංච උපාදානස්කන්ධයෝය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පහ පංච යන වචනයෙන් අදහස් කරයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කෙරෙහි ඇති චන්දරාගය හෙවත් කැමැත්තෙන් ඇලීම උපාදානයයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යනු තනිව නොපවතින, සමූහ වශයෙන්ම, රාශි වශයෙන්, ගොඩවල් වශයෙන්, කඳු වශයෙන් පවතින දේවල්ය. එම සමූහ, රාශි, ගොඩවල් ස්වභාවය ඛන්ධ හෙවත් ස්කන්ධ නමින් හඳුන්වයි

රූපස්කන්ධය

​රුප්පතීති ඛෝ භික්ඛවේ තස්මා රූපන්ති වුච්චති. වෙනස් වන නිසා රූපය නමින් හඳුන්වයි. සීතලෙන්, උණුසුමෙන්, මැසි මදුරු පීඩාවෙන්, සුළඟින්, අව්වෙන්, සර්පයන්ගෙන් වන පීඩාදියෙන් වෙනස් වන නිසාත්, කුසගින්නෙන්, පිපාසයෙන් වෙනස් වන නිසාත් රූපය නමින් හඳුන්වයි. චත්තාරෝ ච මහාභූතා චතුන්නංච මහාභූතානං උපාදාය රූපං.. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතු සහ සතර මහා ධාතූන්ගෙන් හටගත් වර්ණ, ගන්ධ, රස, ඕජා යනුත් රූප නමින් හඳුන්වනු ලබයි. අභිධර්ම ක්‍රමයට රූප විසි අටක් පවතී. ඒවා පසුව විස්තර කරනු ලැබේ.

අනු මාතෘකා