පොත් ලැයිස්තුව

බ්‍රහ්මචරියඤ්ච (බ්‍රහ්මචර්යාව)

star_outline

​බ්‍රහ්ම චරියාව යනු ශ්‍රේෂ්ඨ වූ හැසිරීමයි; හෙවත් බ්‍රහ්මයන්ගේ හැසිරීම හා සමාන වූ ශ්‍රේෂ්ඨ වූ චර්යාවයි. මේථුන ධර්මයෙන් දුරු වූ, පැවිදි ධර්මයක් වන ශාසන මාර්ගයට අයත් උදාර ගුණධර්මය "බ්‍රහ්මචරිය" යන නමින් හඳුන්වනු ලබයි.

​බ්‍රහ්මචර්යා දෙකක් තිබේ. කාම සේවනයෙන් වැළකීම සාසන බ්‍රහ්මචරියාවයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග බ්‍රහ්මචරියාවයි. සම්බුද්ධ ශාසනය හැඳින්වීම සඳහාද බ්‍රහ්මචරියාව යන වචනය භාවිතා කරනු ලබයි. මෙහිදී මංගල කාරණාවක් ලෙස පැහැදිලි කර දී ඇත්තේ මේථුන ධර්මයෙන් වැළකීම නම් වූ, බ්‍රහ්මචරියා වේරමණී යන ශික්ෂාපදයට ඇතුළත් වන්නා වූ බ්‍රහ්ම චරියාව බව දත යුතුය.