කුසල් දහම්හි යෙදෙන විට බොහෝ දෙනෙකු තමා කරන කුසලය නිමාවට පත්වන තෙක් එය නොකරති. එසේ කුසලයක් නිමාවට පත් නොකිරීම ප්‍රමාදයකි. කුසලයක් කරන විට තමා කරන පින්කම නිමාවට පත්වන තෙක්ම හොඳ සැලකිල්ලෙන් යුතුව එය කරන්නේ නම් එය අප්‍රමාදී වීමකි. බුද්ධ වන්දනා කරනවා යැයි සිතන්න; ඔබ මල් නෙළාගෙන විත් තබයි, මල් අහුරයි, පැන් ඉසී. එහෙත් ඒවා පූජා නොකරයි. එසේ නොකර පින්කමක් කරන්නට ආරම්භ කළ විට, පින්කම නිමාවන තෙක්ම ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, සිහියෙන් ඉටු කරන්න; එය අප්‍රමාදී වීමකි.
ඕලීනවුත්තිතා (හැකුළුණු බව හෙවත් අලස බව):
කුසල ධර්මයන් කරන විට බොහෝ දෙනෙකු කුසීත බවට බැස ගනී. කුසීත වූ තැනැත්තාට නිසියාකාරව පින්කම් කළ නොහැකිය. එබැවින් කුසීත බවින් තොරව කටයුතු කිරීම අප්‍රමාදී වීමකි.