පොත් ලැයිස්තුව

අත්ත සම්මා පණිධිච (තමා මනාකොට පිහිටුවා ගැනීම)

star_outline

​තමා මනාකොට පිහිටුවා ගැනීම යනු මේ ලෝකයෙහි ජීවත්වන පුද්ගලයෙකු විසින් තමාගේ ජීවිතය කුසල ධර්මයන් තුළ මැනවින් පිහිටුවා ගැනීමයි. ඒ අනුව:

​දුස්සීල වූ තමාගේ ජීවිතය සීලයෙහි පිහිටුවා ගැනීම.

​ශ්‍රද්ධාව නැති තමාගේ ජීවිතය සද්ධාව තුළ පිහිටුවා ගැනීම.

​මසුරු වූ තමාගේ ජීවිතය දානය තුළ පිහිටුවා ගැනීම.

​ධර්ම ශ්‍රවණය නොකරන්නා වූ තමාගේ සිත බණ ඇසීමෙහි පිහිටුවා ගැනීම.

​ප්‍රඥාව අඩු තමාගේ සිත ප්‍රඥා සම්පත්තිය තුළ පිහිටුවා ගැනීම.

​මෙසේ තමාගේ ජීවිතය කුසල ධර්මයන් තුළ පිහිටුවාගෙන වාසය කිරීම මෙලොව යහපතටත්, පරලොව සුගතියටත්, නිර්වාණාවබෝධයට උපකාර වන්නා වූත් උතුම් මංගල කාරණාවකි.