පොත් ලැයිස්තුව

මෛත්‍රී භාවනාවේ ආනිසංස

star_outline

​ශ්‍රී පාදය කරුණා කිරීමට මාවත් කිහිපයක් පිහිටා තිබේ. දිනක් එරත්න මාවතේ අවාරයෙහි සිරිපා කරුණා කිරීමට ගිය තරුණ තරුණියන් පිරිසක් වූහ. ඔවුහු ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් යුතුව, ගෞරවයෙන් යුතුව තුන් සරණය සජ්ඣායනා කරමින් සිරිපා වන්දනාවේ යෙදුණහ.

​ඔය අතරතුර එක්තරා තරුණියකට ක්ලාන්තය සැදී බිම ඇද වැටුණාය; ඇයට සිහිකල්පනාව නැති විය. එම අවස්ථාවේ සෙසු තරුණ තරුණියෝ මහත්සේ බියට පත් වූහ. ඔවුන් එම තරුණියගේ මුහුණට ජලය ඉසෙමින් ද, පවන් සලමින් ද, ඇගේ නම කියා කතා කරමින් ද ඇයව සුවපත් කර ගැනීමට බොහෝ සේ වෙහෙස මහන්සි වූහ.

​ඔය අතරතුර සිරිපා වනයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ කෙනෙකු මෙම මාවතෙහි සිටිනු තරුණ පිරිසට දක්නට ලැබුණි. එම තරුණ පිරිස මේ ස්වාමීන් වහන්සේ ළඟට ගොස් සිදු වූ පුවත සඳහන් කර, "අනේ ස්වාමීනී, කොහොමහරි අපට පිහිටවන්න" ලෙස දන්වා සිටියහ. උන්වහන්සේ, "ළමයිනේ, මම වෙදකම දන්නේ නැහැ. මම යන්ත්‍ර මන්ත්‍ර දන්නේ නැහැ. මම මොකක්ද කරන්නේ?" කියා විමසූහ. එවිට තරුණ පිරිස, "අනේ ස්වාමීනී, මොකක් හරි කරන්න" යැයි ආයචනා කළහ.

​අනතුරුව උන්වහන්සේ වැටී සිටින තරුණිය සමීපයට වැඩම කළහ. එසේ වැඩම කොට තරුණිය දෙස බලා, "ලස්සන රූප සම්පත්තියක් හිමි මේ තරුණිය දෙස බලන විට මාගේ සිත තුළ ආසාවක් ඇති නොවේ, නොවේ, නොවේ. එය ඒකාන්ත සත්‍යයකි. එම සත්‍ය බලයෙන් මේ තරුණිය සුවපත් වේවා! එසේම මේ තරුණිය තෙරුවන් ගුණ බලයෙන් නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා!" කියා මොහොතක් මෛත්‍රී සිත පැවැත්වූහ. එම අවස්ථාවේදීම එම තරුණිය දෙනෙත් හැර බැලුවාය; කතා කළාය.