පොත් ලැයිස්තුව

සම්මාවාචා මාර්ගාංගයන්හි සහසම්බන්ධතාවය

star_outline

මෙම ලෝකෝත්තර සම්මාවාචා උපදවා ගත් තැනැත්තා වීර්යයෙන් යුතුව මිථ්‍යාවාචා දුරු කරයි; වීර්යයෙන් යුතුව සම්මාවාචා උපදවා ගනියි. (එය ඔහුගේ සම්මාවායාමයයි.)

ඔහු සතිමත්ව මිථ්‍යාවාචා දුරු කරයි; සතිමත්ව සම්මාවාචා උපදවා ගනියි. එය ඔහුගේ සම්මාසතියයි.

මේ අනුව සම්මාවාචා සමඟ පෙර පසු නොවී, සහජාතව සම්මාදිට්ඨි, සම්මාවායාම, සම්මාසති යන මාර්ග අංග තුන යෙදෙයි, ගමන් කරයි.