තම සන්තානය තුළ (හෙවත් තම සිත තුළ) උපනයනය කළ යුතු, එළවා ගත යුතු, පමුණුවා ගත යුතු දෙය ඕපනයික නම් වේ. එනම් ලෝකෝත්තර මාර්ග සිත් සහ ඵල සිත්ය.
හිස ගිනිගත් කෙනෙකු වුවද එම ගින්න නිවීම පසෙක තබා, තම සන්තානයෙහි උපදවා ගැනීමට සුදුසු වූ දෙය ඕපනයික වේ. ඇඳුම ගිනිගත් කෙනෙකුට එම ඇඳුම නිවා ගැනීම පසෙක තබා, භාවනා කිරීමේ මඟින් තම සිත තුළ උපදවාගත යුතු දෙය ඕපනයික වේ. එනම් ලෝකෝත්තර මාර්ග සිත්, ඵල සිත් සහ නිර්වාණයයි.