පොත් ලැයිස්තුව

​ දුප්පඤ්ඤෝ

star_outline

අසත්පුරුෂයා ප්‍රඥාව නැති කෙනෙකු වෙයි. අසත්පුරුෂයාට කුසල අකුසල ධර්ම පිළිබඳ අවබෝධයක් නැත; චතුරාර්ය සත්‍යය ධර්මය පිළිබඳවද අවබෝධයක් නැත. මෙසේ අසත්පුරුෂයා ප්‍රඥාව නැති කෙනෙකු වෙයි.

"කථඤ්ච භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසභත්තී හෝති: ඉධ භික්ඛවේ, අසප්පුරිසස්ස යේ තේ සමණබ්‍රාහ්මණා අස්සද්ධා අහිරිකා අනොත්තප්පිනෝ අප්පස්සුතා කුසීතා මුට්ඨස්සතිනෝ දුප්පඤ්ඤා, ත්‍යාස්ස මිත්තා හොන්ති තේ සහායා. ඒවං ඛෝ භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසභත්තී හෝති."

​මහණෙනි, අසත්පුරුෂයා අසත්පුරුෂයන් ඇසුරු කරන්නේ කෙසේද? මහණෙනි, මෙහි අසත්පුරුෂයාට යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අස්සද්ධ (ශ්‍රද්ධාව නැති), අහිරික (පවට ලැජ්ජාව නැති), අනොත්තප්පී (පවට බය නැති), අප්පස්සුත (බහුශ්‍රැත නොවන), කුසීත (කම්මැලී), මුට්ඨස්සති (මුලා වූ සිහි ඇති), දුප්පඤ්ඤ (ප්‍රඥාව නැති) වෙත්ද, ඔවුහුම ඔහුගේ මිත්‍රයෝ වෙති; ඔහුගේ සහායයෝ වෙති. මහණෙනි, මෙසේ අසත්පුරුෂයා අසත්පුරුෂයන් ආශ්‍රය කරයි.