පොත් ලැයිස්තුව

අස්සද්ධා යනු

star_outline

​අස්සද්ධා යනු ශ්‍රද්ධාව නැති බවයි. අසත්පුරුෂයා තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව නැත. ඔහු බුදුරජාණන් වහන්සේ සියල්ල අවබෝධ කරගත් කෙනෙක් බව නොපිළිගනියි. තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ශ්‍රී සද්ධර්මය මුල, මැද, අග යහපත් වූ, මනාකොට දේශනා කරන ලද ස්වාක්ඛාත ධර්මයක් බව පිළිනොගනියි. තථාගත ශ්‍රාවක පුත්‍ර වූ මහා සංඝරත්නය ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ යහපත් මාර්ගයෙහි ගමන් කරන පිරිසක් බව පිළිනොගනියි. මෙසේ අසත්පුරුෂයා අස්සද්ධාවෙන් යුක්ත වෙයි.