මනසිකාරය යනු තමාද ක්‍රියාවෙහි යෙදෙමින් තමා හා යෙදුණු චෛතසික ධර්මයන්ද ඔවුනට අයත් ක්‍රියාවන්හි යොදවන්නා වූ චෛතසික විශේෂයකි.
මෙසේ අප විසින් නාම ධර්මයන් ඉතා කෙටියෙන් පැහැදිලි කරන ලදී. රූප යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතූන්ද, වර්ණ, ගන්ධ, රස, ඕජා යන උපාදාය රූපයන්ය. රූප 28 පිළිබඳ විස්තර අභිධර්ම ග්‍රන්ථයන්ගෙන් දැනගත යුතුය.