සංඥාව යනු හඳුනාගැනීමයි. රූප හඳුනා ගැනීම රූප සංඥාවය, ශබ්දය හඳුනාගැනීම ශබ්ද සංඥාවය, ගඳ-සුවඳ හඳුනාගැනීම ගන්ධ සංඥාවය, රසය හඳුනාගැනීම රස සංඥාවය, ස්පර්ශය හඳුනාගැනීම පොට්ඨබ්බ සංඥාවය, සිතුවිලි හඳුනාගැනීම ධම්ම සංඥාවය.
සංඥා යන වචනයෙහි අර්ථය හඳුනාගැනීමයි. "සංජානාති සංජානාති සංඥා" යනුවෙන් ඛජ්ජනීය සූත්‍රයේ එය දක්වා තිබේ.