පොත් ලැයිස්තුව

චතුරාර්ය සත්‍යය ධර්මය යනු කුමක්ද?

star_outline

​'චතු' යනු සංඛ්‍යා දැක්වීමයි. එහි අර්ථය 'හතර' යනුයි. 'අරිය' (ආර්ය) යන වචනය මෙසේ විස්තර කර ඇත:

අරණීයතෝ අරියානි: දෙවියන් සහිත ලෝකයා විසින් සරණ යනු ලබන තැනැත්තා ආර්ය නමින් හඳුන්වනු ලැබේ. 'කෙලෙස් නැති' යන අර්ථය ද එහි තිබේ. 'අරණීය' යනු විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වන නාමයකි. බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද සත්‍යයක් වන බැවින් ආර්ය සත්‍ය නම් වෙයි.

අවිතථභාවේන සච්චානි චාති, අරියසච්චානි: වෙනස් නොවන සත්‍ය ස්වභාවයක් වන නිසා ද මේවා ආර්ය සත්‍ය නම් වෙයි.

අරියභාවකරානි වා සච්චානි, අරියසච්චානි: ආර්ය භාවය ඇති කරන සත්‍යය ආර්ය සත්‍ය නම් වෙයි.

අරියේහි වා බුද්ධාදීහි පටිවිජ්ඣිතබ්බානි සච්චානි, අරියසච්චානි: ආර්ය වූ බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා විසින් අවබෝධ කරන ලද සත්‍යය ආර්ය සත්‍ය නම් වෙයි.

අරියස්ස සච්චානි, අරියසච්චානි: ආර්යයන් වහන්සේලාගේ සත්‍යය ආර්ය සත්‍ය නම් වෙයි.

​දෙවියන් සහිත ලෝක සත්ත්වයා ගෞරවයෙන් සරණ ගිය බුදුරජාණන් වහන්සේ විසින් ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කරගන්නා ලද සත්‍යය ආර්ය සත්‍ය නම් වේ.