පොත් ලැයිස්තුව

මහා රෞරව නිරය

star_outline

​රතු ලේ වර්ණයෙන් යුතු ගිනි ජාලාවලින් පිරුණු ඉතා බලගතු දුකකින් ගුගුරා, ගිනි ජාලාවල පැසෙන නිරිසතුන් ඇති ස්ථානය මහා රෞරව නම් වේ.

​බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් උදෙසා පූජා කරන ලද ඉඩකඩම්, වතුපිටි, ඇඳ, පුටු, කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි, පිඟන්, කෝප්ප, පඩික්කම් ආදී දේවල් සොරකම් කරන සත්වයෝ මෙම නිරයෙහි උපත ලබති. තෙරුවන්ට අයත් ඉඩකඩම්වල හැදෙන කොස්, දෙල්, පොල්, පුවක්, කෙසෙල් ආදී දේවල් සොරකම් කරන්නෝ ද, තෙරුවන් උදෙසා රැස්කළ මිල මුදල් තම පරිහරණය සඳහා යොදාගන්නා අය ද... දුප්පතුන්ට අයත් ඉඩකඩම්, ගේ දොර, මිල මුදල් පැහැර ගන්නෝ ද මහා රෞරව නිරයෙහි උපත ලබා අනන්ත අප්‍රමාණ දුක් විඳිති.

ආයු කාලය:

​මිනිස් වසර දෙසිය තිස් කෝටි හතළිස් ලක්ෂයක් මහා රෞරව නිරයට එක දවසකි. එබඳු දින තිහක් මාසයකි. එබඳු මාස දොළහක් වසරකි. එබඳු වසර අටදහසක් මෙම නිරයෙහි පරමායුෂයි.