"චිත්තපටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති, චිත්තපටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති"
මෙහි 'චිත්ත' යනුවෙන් හඳුන්වා ඇත්තේ ප්‍රථම ධ්‍යානය, දුතිය ධ්‍යානය, තෘතීය ධ්‍යානය සහ චතුත්ථ ධ්‍යානය යන ධ්‍යාන සිත්ය.
ප්‍රථම ධ්‍යාන කුසල චිත්තය: විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා සහිතං පඨමජ්ඣාන කුසල චිත්තං.
දුතිය ධ්‍යාන කුසල චිත්තය: පීති, සුඛ, ඒකග්ගතා සහිතං දුතියජ්ඣාන කුසල චිත්තං.
තෘතීය ධ්‍යාන කුසල චිත්තය: සුඛ, ඒකග්ගතා සහිතං තතියජ්ඣාන කුසල චිත්තං.
චතුත්ථ ධ්‍යාන කුසල චිත්තය: උපෙක්ඛා, ඒකග්ගතා සහිතං චතුත්ථජ්ඣාන කුසල චිත්තං.
'චිත්ත' යනුවෙන් හඳුන්වා ඇත්තේ එම ධ්‍යාන සිත් හතරයි.
විතක්ක යනු භාවනා අරමුණට සිත යොමු කිරීමය, හෙවත් ආශ්වාස ප්‍රශ්වාසයන් වෙත සිත යොමු වීමයි.
විචාර යනු එම අරමුණෙහිම සිත පැවැත්වීමයි.
ප්‍රීතිය යනු එම අරමුණ තුළ සිත ප්‍රීතිමත් වන ස්වභාවයයි.
සුඛ යනු එම අරමුණ තුළ ඇති වන්නා වූ සැප සහගත බවයි.
ඒකග්ගතා යනු ආශ්වාස ප්‍රශ්වාස අරමුණෙහිම සිත එකඟ වීමයි.
මෙම අංග පහෙන් යුක්ත වූ සිතක් රූපාවචර ප්‍රථම ධ්‍යාන සිත නමින් හඳුන්වයි.
දුතිය ධ්‍යානයේදී විතක්ක, විචාර සංසිඳීමට පත්වෙයි. තෘතීය ධ්‍යානයේදී ප්‍රීතිය ද සංසිඳීමට පත්වෙයි. හතරවන ධ්‍යානය උපෙක්ඛා, ඒකග්ගතා සහිතය. එහි උපේක්ෂාව යනු අරමුණ තුළම සිත මනාව පිහිටා මධ්‍යස්ථ බවට පත්වීමයි.