පොත් ලැයිස්තුව

ආනාපානසති විදර්ශනාව: නිරෝධානුපස්සනාව

star_outline

​"නිරෝධානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, නිරෝධානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති"

​නිරෝධය අනුව බලමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි; නිරෝධය අනුව බලමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි.

​මෙම කොටසේදී ද අවධානය යොමු කළ යුත්තේ විරාගානුපස්සනාවේ කියූ ආකාරයටම නිරෝධය හෙවත් ක්ෂණභංගයටයි. ක්ෂණභංගය 'ඛණික නිරෝධ' යනුවෙන් ද, එසේම නිවන, විදර්ශනා වැඩීම සහ ආර්ය මාර්ගය යන ධර්මතා තුන 'අත්‍යන්ත නිරෝධය' නමින් ද හඳුන්වනු ලබයි.