පොත් ලැයිස්තුව

ඵුසති සූත්‍රය

star_outline

දේවතා සංයුත්තය.

​එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව ප්‍රකාශ කළේය.

​නා ඵුසන්තං ඵුසති

ඵුසන්තං ච තතෝ ඵුසේ

තස්මා ඵුසන්තං ඵුසති

අප්පදුට්ඨස්ස දෝසිනං

​ කර්මය ස්පර්ශ නොකරන්නා විපාකය ස්පර්ශ නොකරයි කර්මය ස්පර්ශ කරන්නා විපාකය ස්පර්ශ කරයි එම නිසා ද්වේෂ නොකරන පුද්ගලයාට ද්වේෂ කරන පුද්ගලයා එම කර්ම විපාකය ස්පර්ශ කරයි.

චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා.

​මහණෙනි, චේතනාව කර්මය යැයි මම කියමි. සිතා කර්ම රැස් කරයි. කයින්ද කර්ම රැස් කරයි. වචනයෙන්ද කර්ම රැස් කරයි. මනසින්ද කර්ම රැස් කරයි යනුවෙන් අංගුත්තර තික නිපාතයෙහි සඳහන් වේ.

​සූත්‍ර දේශනාවලට අනුව චේතනාව කර්මය නමින් හඳුන්වා ඇත. කර්මාන්ත ශාලාවක වැඩ කරන ඉතා දක්ෂ සේවකයෙකු, තමන්ද වැඩ කරමින් අන් අයද වැඩ කිරීමෙහි යොදවන්නාක් මෙන්, චේතනාව නම් චෛතසිකය තමාද ක්‍රියාත්මක වෙමින් තමා සමග පවතින චෛතසික ධර්මයන්ද ක්‍රියාවෙහි යොදවයි. චේතනාව කුසල අකුසල සිතුවිලි ක්‍රියාත්මක වීමට මූලික වන බැවින් කර්මය යන නමින් හඳුන්වන ලදී.

කර්මය විපාක දෙන කාලය අනුව කොටස් හතරකට බෙදා දක්වා ඇත.