පොත් ලැයිස්තුව

වර්ණ රූපය

star_outline

​පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන් පරමාර්ථ වශයෙන් අපගේ ඇසට සෘජුව නොපෙනේ. එහෙත් එම මහා භූතයන් ඇසුරු කරගෙන පවතින, ඇසට පෙනෙන ස්වභාවයක් ද පිහිටා ඇත. එම ඇසට පෙනෙන ස්වභාවය 'වර්ණ රූපය' නමින් හඳුන්වයි. ලෝකයේ පවතින සෑම වර්ණයක්ම අපගේ මස් ඇසට නොපෙනේ. උදාහරණයක් ලෙස සුළඟට ද වර්ණයක් පවතී; එහෙත් එම වර්ණය අපේ ඇසට නොපෙනේ. වාතයේ පවතින එම වර්ණය අපේ ඇසට පෙනුණේ නම්, ලෝකයේ ඇති අන් සෑම දෙයක්ම එම වර්ණයෙන් වැසී ගොස් කිසිවක් හඳුනාගත නොහැකි වනු ඇත.