දිව මැද මතුපිට, උපුල් පෙත්තක (මානෙල් පෙත්තක) අග බඳු සටහනක් ඇති ස්ථානයක රසය දැනෙන ඉතා කුඩා ප්‍රදේශයක් පිහිටා තිබේ. එය ද ලේන්ඩියකගේ හිසක් තරම් ඉතා කුඩා වූවකි. දිවෙහි රස වැඩිපුරම දැනෙන්නේ එම ස්ථානයටය. ධර්මානුකූලව එය හඳුන්වන්නේ ජිව්හා ප්‍රසාදය යන නමිනි.